ඔන්න මම කිව්වම නොදන්න කෙනෙක් නැහැ දන්න නොදන්න ඔක්කොටම මේ ටික කියවන්නකෝ
ඔයාලා සමහර අය Apple Smart Phone වලට කැමති ඇතිනේ.ඉතින් මෙයාලගේ අලුත් application එකක් ආවා සිරි ( SIRI ) කියලා,ගොඩක් අය දන්නවා ඇති.මේ සිරි තමයි දැනට අපේ මේ ලෝකයේ ප්‍රසිද්ධම කෘත්‍රිම බුද්ධි වැඩසටහන.සිරි මේ ලෝකයට පහල උනේ ඔක්තෝම්බර් 14 වෙනිදා එලියට ආපු iphone 4S එකත් එක්ක.ඇත්තටම සිරි ගැන කියද්දී මේක මුලින්ම නිර්මාණය වුනේ Siri International කියලා සමාගමක,කොට උඩ ගිය මෙම සමාගම 2010 අප්‍රේල් 28 වෙනිදා ඩොලර් මිලියන 200 ක් ගෙවලා ඇපල් සමාගම මිලට ගත්තා.හැමදාම අලුත් දෙයක් හොයපු ස්ටීව් ජොබ්ස් ලෝකයේ හොඳම කෘත්‍රිම බුද්ධි වැඩසටහන ලෝකයට බාරදුන්නා.අපි ටිකක් මේක ගැන හොයලා බලමු... එය ඔබ කියන දේ හොඳින් තේරුම් ගන්නවා,ඇත්තටම අපි තවත් මනුස්සයෙකුට කතා කරන විදිහටම සිරි එක්ක කතා බහ කරන්න පුළුවන්.අපි මෙහෙම කිව්වොත් “Tell my wife I’m running late.” “Remind me to call the vet.” “Any good burger joints around here?” එතකොට සිරි හොයනවා ඔයාට උවමනා කරන තොරතුරු,එකරලා ඔයාට හොඳ උත්තරයක් හොයලා දෙනවා.ඇත්තටම කිව්වොත් ඔයාලට හොඳ කතා බහක යෙදෙන්න පුළුවන් ඔයාගේ iphone එකත් එක්ක. සිරි අදුරගන්නේ ඔබ කියන දේම පමණක්ම නෙමෙයි.එය ගොඩක් දක්ෂයි ඔය කියන දේ ගොඩක් හොඳට තේරුම් ගන්න.අපි හිතමු අපි අහනවා " මේ ලග පාත කඩයක් නැද්ද ප්ලේන්ටියක් බොන්න" සිරි ටිකක් හොයලා බලලා අපිට කියනවා " කඩ දෙක තුනක්ම තියනවා ඔයාගේ වටේ " කියලා.ඊටපස්සේ අපි අහමුකෝ " හොඳ තෝසේ පාරක් දාන්න තැනක් තියනවද? " කියලා.එතකොට සිරි ටිකක් හොයලා බලලා ලගම තියන හොඳම තෝසේ කඩේ හොයලා දෙනවා.ඇත්තටම මෙතන වෙන්නේ ඔයා අහන දේට හොඳම උත්තරේ හොයලා දෙන එක තමා. සිරි උදව් කරනවා එදිනදා ඔයා කරන වැඩ වලට,අපි හිතමු අපි කියනවා " අම්මට කියන්න මම එද්දී කාම ටික උයල තියන්න " කියලා.එතකොට සිරි අම්මට පණිවිඩයක් යවනවා කාම උයලා තියන්න කියලා.තව අපි කිව්වොත් " අද වහියිද? " කියලා.එතකොට සිරි ඒ වෙලාවේ තියන කාලගුණය ගැන ටිකක් හොයලා බලලා අපිට හොඳ උත්තරයක් දෙනවා.තව අපි හිතමු දතක් ගලවගන්න ඕනේ කියලා,අපි සිරිට කියනවා " මට අද හවස 4 ට විතර දත් දොස්තර ගාවට යන්න ඕනේ කියලා " එතකොට සිරි දත් දොස්තරට email එකක් හරි නැතිනම් වෙන ක්‍රමයකින් හරි ඔහුට එම පණිවිඩය යවනවා.තවත් අපි හිතමුකෝ ඔයා නෝනලා ඉන්න කොල්ලන්ට නෝනට රෑ 9 ට විතර good night කියලා massage එකක් යවන්න ඕනේ කියලා.අපි ඒ වෙලාවේ නිදිනම් අපිට පුළුවන් සිරිට කියලා තියන්න 9 ට massege එක යවන්න කියලා.දැන් ඉතින් ඔයාලට තේරෙනවනේ මේකෙන් කරන්න පුළුවන් දේ ගැන.වැඩ දහස්ගනනක් කරගන්න පුළුවන්..
ඔයාලට වෙලාව වෙනස් කරගන්න, ඉන්න තැන හොයාගන්න, alarm එක සෙට් කරගන්න, මොකක් හරි තැනක් හොයාගන්න, meeting එකක් schedule කරගන්න, contact එකක් හොයාගන්න, email එකක් යවන්න, sms එකක් යවන්න,සහ සිරි ගැන සිරිගෙන්ම අහන්නත් ඔයාලට පුළුවන්.ඇත්තටම තවත් වැඩ ගොඩයි.මේ සිරි අපිට අලුත් අත්දැකීමක් වෙයි.
හරි දැන් සිරි ගැන දැන ගත්තනේ මම දැන් දෙන්නම් සිරි Google Chrome සදහා කරන්නේ මෙහෙමයි......
1.මුලින්ම chrome app store එකට යන්න
2.ඊට පස්සේ search box එකේ siri කියලා type කරලා enter කරන්න
3.ඊළගට එන results වලින් chrome assistance තෝරලා add to chrome click කරන්න
4.එන window එකෙන් install click කරන්න
5.app එක download උනාට පස්සේ නිකම්ම download වෙච්ච page එකට යයි එතනින් app එක තෝරන්න
6.දැන් පොඩි mic එක උඩ click කරලා මොනවහරි කියන්න siri උත්තර දෙයි.............
No comments:
Post a Comment